News Line| Off Air
Generic placeholder image

Jul
26

පිච්ච මල් පූජාව හෙට අනුරාධපුරයේ දී – බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කි‍්‍රයාත්මකයි

722 Views


පිච්ච මල් පූජාව හෙට අනුරාධපුරයේ දී – බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කි‍්‍රයාත්මකයි

අනුරාධපුරයේ පැවැත්වෙන පිච්චමල් පූජාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මකයි.

එම දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ 28 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක බවයි. අද පෙරවරු 07 .10 ට එක් දුම්රියක් කොළඹ කොටුවෙන් පිටත් වුණා.

හෙට හා 28 යන දෙදින තුළ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය කරවීමට නියමිතයි.

මීට අමතරව දිනපතා ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පස්වරු 05 .50 ට පිටත් වන යාල් දේවී දුම්රියෙන් හා කන්කසන්තුරෙන් පස්වරු 08 .25 ට ධාවනය වන දුම්රිය සදහා අතිරේක දුම්රිය මැදිරි එක් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

පිච්ච මල් පූජාව හෙට අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයිි.


News Articles
Latest Videos
Most Popular Post