News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

ටියුනීසියාවට සතියක ශෝක කාලයක්

617 Views


ටියුනීසියාවට සතියක ශෝක කාලයක්

නිදහස් මැතිවරණයකින් තේරීපත් වූ සහ බලයේ සිටි ලොව වයස්ගතම ජනපති බේජි කෙයිඞ්ගේ අභාවය වෙනුවෙන් ටියුනීසියානු රජය දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

92 වන වියේ පසු වූ ටියුනීසියානු හිටපු ජනාධිපතිවරයා පසුගිය බදාදා මිය ගොස් තිබුනේ හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

2014 වසරේ දී අරාබි වසන්තය සමග ටියුනීසියාවේ පැවති ප‍්‍රථම නිදහස් මැතිවරණයෙන් ඔහු බලයට පත් වුණා. කතා කිරීමේ නිදහස වැනි මූලික අයිතීන් සහතික කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය වුයේ ද බේජි කෙයිඞ්ගේ මුලිකත්වයෙන්.

ටියුනීසියානු ජනාධිපතිවරයාගේ අභාවයත් සමග මොහොමඞ් එනසියර් අන්තර්වාර ජනපති ලෙස පත් කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දැරූ 85 හැවිරිදි එනසියර් සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන තෙක් ජනාධිපතිධූරයේ කටයුතු කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post