2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිපලවලට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළා.
www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට තමන් තේරී ඇති පාඨමාලා සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ අපේක්ෂයින් 30,830 දෙනෙකු තෝරා ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.