News Line| Off Air
Generic placeholder image

Jul
27

ලක්ෂ 82ක් වටිනා මැණික් ගලක් සොරා ගත් අයෙක් අල්ලයි

575 Views


ලක්ෂ 82ක් වටිනා මැණික් ගලක් සොරා ගත් අයෙක් අල්ලයි

රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගලක් සොරා ගත් පුද්ගලයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මොරටුව බස් රථයකින් වැල්ලවත්ත සිට බම්බලපිය දක්වා ගමන් කළ පුද්ගලයෙකු සතුව තිබූ අදාල මැණික් ගල සහ රුපියල් එක් ලක්ෂ 30,000ක් වටිනා චෙක්පතක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ඇති බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපක් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර එහිදී පොලිස් නිලධාරින් බස්රථ වල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවන්ගේ ඡායා රූප කිහිපයක් පැමිණිලිකරුට පෙන්වීමේදී සොරා ගන්නා ලද පුද්ගලයා පැමිණිලිකරු විසින් හදුනාගෙන ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිළධාරින් අදාල සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේදී සොරා ගන්නා ලද මැණික් ගල සහ චෙක්පත ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත සැකකරු 46 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post