News Line| Off Air
Generic placeholder image

Jul
27

නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

742 Views


නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපති , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති , එහි ලේකම් , ජනාධිපති ලේකම්වරයා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී. දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබෙන අතර එහිදී පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තමන්ට කල්ලබා දෙන්නැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා ඉල්ලා ඇති බව සඳහන්. ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 31 වනදා දක්වා කල් තබන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post