එංගලන්තයෙන් මෙරටට ගෙන්වා රදවාගෙන ඇති කසල බහාලූම්වලින් පිටවන අධික දුර්ගන්ධය හේතුවෙන් කොළඹ වරාය පරිශ‍්‍රයේ කටයුතු පවත්වාගෙන යාමද අසීරු වී තිබෙන බව වාර්තා වෙනවා.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කලේ එම කසල බහාලූම් දැඩි ලෙස නරක් වී ඇති බැවින් ඒවායෙහි දොරවල් ඇර පරීක්‍ෂා කිරීම පවා අපහසු වී ඇති බවයි. ඒ අනුව ජාත්‍යන්තර සම්මුතීන් පවා උල්ලංඝණය කරමින් මෙරටට එවා ඇති මෙම කසල තොගය කඩිනමින් යළි හරවා එවීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.