එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවල ලොව වැඩිම කඩුළුලාභීන් අතර 9 වන ස්ථානය හිමිකර ගැනීමට ලසිත් මාලිංග ඊයේ සමත් වුණා. ඒ අනුව ලසිත් මාලිංග ලොව වැඩිම එක්දින කඩුළුලාභීන් අතර 9 වන ස්ථානයට පත් වුණේ ඒම ස්ථානයේ සිටි ඉන්දීය කී‍්‍රඩක අනිල් කුම්බ්ලේ පසු කරමින්. අනිල් කුම්බ්ලේ තරග 271 කදී එක්දින කඩුළු 337 ක් දවාගෙන තිබෙන අතර ඊයේ මාලිංග සිය අවසන් තරගයෙදී ලකුණු 38 කට කඩුළු 03 ලබාගත අතර ඒ අනුව මාලි තරග 226 කදී දවාගෙන ඇති එක්දින කඩුළු සංඛ්‍යාව 338 ක්.