News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

ඩොලර් මිලියන 30 කට අධික රත්තරං තොගයක් පැහැරගනී

662 Views


ඩොලර් මිලියන 30 කට අධික රත්තරං තොගයක් පැහැරගනී

අමෙරිකාවේ නිව්යෝර්ක් සහ ස්විට්සර්ලන්තයේ සුරිච් බලා යැවීමට සුදානම් කර තිබු ඩොලර් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් රත්තරං කිලෝග්‍රෑම් 750 ක් බ්‍රසීලයේ සාවෝ පාලෝ ගුවන් තොටුපලේදී අවිගත් මංකොල්ලකරුවන් පස් දෙනෙක් විසින් පැහැරගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් මෙන් සැරසී සිටි මෙම මංකොල්ලකරුවන් පස් දෙනා ඔවුන් පැමිණි කැබ් රියද පොලිසියට අයත් වාහනයක් සේ සකසා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් සහ සුරිච් බලා යැවීමට සුදානම් කර තිබු එම රත්තරං කිලෝග්‍රෑම් 750 ගුවන් යානාවට පැටවීම සඳහා සුදානම් කර තිබු අවස්ථාවේදී මෙම මංකොල්ලකරුවන් ගුවන් තොටුපලේ ගබඩා සංකීර්ණය වෙතට පැමිණ එහි සිටි සේවකයින් බිය වද්දා ඔවුන් පැමිණි වාහනයට එම රත්තරං පටවා ගෙන පළා ගොස් තිබෙනවා.

මෙම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ගුවන් තොටුපලේ සේවය කරනු ලබන නිලධාරියෙකුද මෙම මංකොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව බ්‍රසීල මාධ්‍ය වාර්තාකළා.


News Articles
Latest Videos
Most Popular Post