මෙවර විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබෙනවා.
භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය එම පාඨමාලා දෙක ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව සදහන් කළා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන එම පාඨමාලා දෙක සඳහා සිසුන් 50 තෝරා ගෙන තිබෙනවා. 2018 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මත දිස්ත‍්‍රික්කවලින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු නිකුත් කලේ ඊයේ දිනයේ දීයි.
www.selection.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස සිසුන්ට තමන් තේරී ඇති පාඨමාලාව සහ විශ්ව විද්‍යාලය පරීක්ෂා කළ හැකියි. මෙවර විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සාමාන්‍ය ප‍්‍රවේශය යටතේ සිසුන් 30,830 දෙනෙකු තෝරාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සදහන් කලා.