News Line| Off Air
Generic placeholder image

Jul
27

රාගම ඇතුළු අවට ප්‍රදේශවල ජල කප්පාදුව අවසන්

483 Views


රාගම ඇතුළු අවට ප්‍රදේශවල ජල කප්පාදුව අවසන්

රාගම, කදාන, ජාඇල, සීදූව, කටුනායක සහ අවට ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා. උදෑසන කාලයේ රාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ප්‍රධාන නළයක ඇති වූ හදිසි බිද වැටීමක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම හදිසියේ අත්හිටුවනු ලැබුවා.

එම නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර මේ වනවිට අදාළ ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. ජලය බෙදා හරින ටැංකිවල ධාරිතාව උපරිම මට්ටමට පැමිණි පසු අදාළ ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජල සැපයුම ලැබෙනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post