News Line| Off Air
Generic placeholder image

Jul
28

කොස්ටා රාජ්‍යයේ වින්දිතයෙක් ලෙස සුනඛයෙකු අධිකරණයට

710 Views


කොස්ටා රාජ්‍යයේ  වින්දිතයෙක් ලෙස සුනඛයෙකු අධිකරණයට

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ නඩු විභාගයක් පිළිබඳව කොස්ටා රිකා රාජ්‍යයෙන් වාර්තා වෙනවා. ඒ කොස්ටා රිකා රාජ්‍යයේ පැවති නඩු විභාගයක් සඳහා සහභාගී වීමට සුනඛයෙකුට අවසර ලබා දී තිබිමයි. ඒ අනුව නඩුවේ වින්දිතයා ලෙස අධිකරණ භූමියට පැමිණ සිටියේ සුනඛයෙක්.

සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිය පළමු හිමිකරුගේ නඩු විභාගයට සුනඛයා මෙලෙස සහභාගී කරවීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.චැම්පියන් සිය පළමු හිමිකරුවන්ගෙන් වද හිංසනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර ඔවුන්ට එරෙහිව චැම්පියන්ගේ වත්මන් හිමිකරු නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹුණේ 2018 වර්ෂයේදී. කෙසේ වෙතත් සුනඛයාට වදහිංසා පමුණුවිම සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශවයට එරෙහිව ගොනුකර තිබූ චෝදනා ඔප්පු කිරීමට වත්මන් හිමිකරු සමත් වී නැත.මේ හේතුවෙන් එම චෝදනා නිෂ්ප්‍රභ කෙරුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් ලතින් අමෙරිකානු කලාපයේ වින්දිතයෙක් ලෙස සුනඛයෙකුට නඩු විභාගයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post