News Line| Off Air
Generic placeholder image

Jul
29

අගමැති විශේෂ කාරක සභාව හමුවට කැඳවීම ගැන දැනුම් දීම අද

491 Views


අගමැති විශේෂ කාරක සභාව හමුවට කැඳවීම ගැන දැනුම් දීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද දැනුම් දීමට නියමිත බවද එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා.
මීට අමතරව එදිනටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සාක්ෂි විමසීම සඳහා කැඳවීමට තීරණය කළ බව කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post