News Line| Off Air
Generic placeholder image

Jul
29

විමල්ට එරෙහි අල්ලස් නඩුව කල්යයි

454 Views


විමල්ට එරෙහි අල්ලස් නඩුව  කල්යයි

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනාවට වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අගෝස්තු මස 8 වන දා යළි කැඳවන ලෙස අද(29) කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා.

එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් හැටන් නැෂනල් බැංකුව , මහජන බැංකුව , සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම යනාදී සමාගම්වල ප්‍රධාන ශාඛා මඟින් නිකුත් කළ ලේඛන කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා එම ආයතන තමන්ට මෙතෙක් අවසර ලබාදී නොමැති බව දැනුම් දුන්නේය.එහිදී විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්ති නීතිඥවරුන්ට දැනුම් දුන්නේ පරික්ෂා කිරීමට අවශ්‍ය ලේඛන මොනවාද යන්න පිළිබඳව තමන් වෙත දැනුම් දෙන්නැයි ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව ඒවා පරික්ෂා කිරීමට අවශ්‍ය සුදුසු නියෝග අදාළ ආයතන වෙත ලබා දීමට කටයුතු කරන බවද විනිසුරු හෙට්ටිආරච්චි මහතා සඳහන් කළ බව පැවසෙනවා.ඒ අනුව මෙම කටයුත්ත සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සදහා නඩුව නැවත අගෝස්තු මස 8 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post