News Line| Off Air
Generic placeholder image

Jul
29

ලබන මස මුල සිට ගාස්තු රහිතව රටවල් 46කට වීසා

1488 Views


ලබන මස මුල සිට ගාස්තු රහිතව රටවල් 46කට වීසා

අගෝස්තු පළමු වන දින සිට රටවල් 46කින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා විස්තර හා ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා ද මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇතැයි ද පැවසු අමාත්‍යවරයා මෙය මාස 6ක් පුරා පවත්වන බවත් එහි ප්‍රතිඵල අනුව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post