News Line| Off Air
Generic placeholder image

Jul
29

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට සූදානම්

596 Views


අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට සූදානම්

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර ඇති අතර අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් ෆවුසි තහවුරු කළා.

ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම මුස්ලිම් මන්තී‍්‍රවරුන් සාකච්ඡාවක නිරත වුණා.

කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් මහජන නියෝජිතයින් ඉකුත් දා ප‍්‍රශ්නයක් මතු කළ අතර මෙම මුස්ලිම් නියෝජිතයින් සහ අමාත්‍ය වජිර අබේවර්ධන අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ඊට අදාළව එකඟතාවක් ඇතිවී තිබෙන බව සදහන්. එමෙන්ම තනතුරු අත්හල මුස්ලිම් අමාත්‍යවරුන්ගේ යළි දිවුරුම් දීම ඒ අනුව සිදුවනු ඇතැයි ද වාර්තා පළ වනවා.


News Articles
Latest Videos
Most Popular Post