ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුනහොත් ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම වකවානුවකදී පැවැත්වීමට වුවද, තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නමුත් ඡන්ද විමසීම් දෙකක් එකම වකවානුවකදී පැවැත්වීම ප‍්‍රායෝගික දුෂ්කරතා ඇති කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නියෝගයක් පිළිපැදීමට සියලූ දෙනා බැඳී සිටින බැවින් ඇතිවිය හැකි ප‍්‍රායෝගික දුෂ්කරතා කෙසේ හෝ මගහරවා ගනිමින් කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම වැඩි දුරටත් සදහන් කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවිර ඉකුත් දා කියා සිටියේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ ජනාධිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට එහිදී තීරණය කෙරුණු බවයි.