ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ලැබී තිබුණු ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික කිහිපයක් අවලංගු වීම නිසා තේ සදහා ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම අඩුවී ඇතැයි වතු සමාගම් පවසනවා. මෙම ප්‍රමිතී සහතික අවලංගු වීමට හේතු වී ඇති බවට වන සාධක වන්නේ වතු හිමියන්, වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීමට කටයුතු නොකරන බව සහ වතු කම්කරුවන්ට ප‍්‍රමාණවත් යටිතල පහසුකම් ලබා නොදෙන නිසා බව වාර්තා වෙනවා.විශේෂයෙන්ම යුරෝපා රටවලින් ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම ශී‍්‍ර ලංකාවේ තේ වෙළඳපල දිනා ගැනීමට උත්සහ කරන වෙනත් රටක් කුමන්ත‍්‍රණකාරී ලෙස මේ සඳහා මැදිහත් වී ඇති බවයි වතු සමාගම් වැඩිදුරටත් පැවසුවේ.