News Line| Off Air
Generic placeholder image

Jul
29

කුවේටයේ ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 57ක් දිවයිනට

557 Views


කුවේටයේ ගෘහ සේවයට ගොස්  හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 57ක් දිවයිනට

කුවේටයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

කුවේටයේ සිට, යූ එල් 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් ඔවුන් පැමිණි අතර මෙම ගෘහ සේවිකාවන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසු එරට පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවා ඇති බව සදහන්.

දෑස් අන්ධ වූ කාන්තාවක් මෙන්ම රෝගී තත්ත්වයේ පසුවූ කාන්තාවන් 07 දෙනෙකු ද එහි සිටින අතර ඔවුන් අතරින් එක් කාන්තාවක් සිය හාම්පුතාගේ පහරකෑමකට ලක්ව ඇවිද ගැනීමට නොහැකිව රෝද පුටුවක් ආධාරයෙන් මෙරට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post