දිවයිනේ විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන උපකුලපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙරට විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටළු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.
අද (29) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවට විශ්ව විද්‍යාල උපකුලපතිවරු 14 දෙනෙක් සහභාගි වුණා.
විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන් ඉහළ නැංවීම, ස්වාධීනත්වය තහවුරු කිරීම, පශ්චාත් උපාධි පාඨමාලා, ඉංගිරිසි අධ්‍යාපනය, උපකුලපතිවරුන්ගේ කාර්ය භාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරනු ලැබූ අතර විශ්ව විද්‍යාල තුළ සිදුවන ශාරීරික, මානසික මෙන්ම සයිබර් වද හිංසා සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කළා.
විශ්ව විද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදු කරලීමේ අවකාශ උදාකරදීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි විශ්ව විද්‍යාලයන්හි හැඩරුව සකස් කරලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණ අතර මෙම අවස්ථාවට දිවයිනේ විශ්ව විද්‍යාල රැසක උපකුලපතිවරුන් රැසක් සහභාගී වුණා.