සංචාරක බංග්ලාදේශ – ශී‍්‍ර ලංකා තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (31) පැවැත්වීමට නියමිත අතර එම තරගය අවසානයේදී ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කරන්නේ.
එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග පවසන අතර කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි. එමෙන්ම එම තීරණයට ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වුණා.