කල්මුණේ උතුර උප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.
මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍ය ධුරවල දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසාල් කාසීම් ප්‍රකාශ කලේ මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා පමණක් මෙලෙස සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවත් ඔවුන්ගේ දිවුරුම්දීමට තවත් කල් ගතවන බවයි.