News Line| Off Air
Generic placeholder image

Jul
30

හමුදා මාර්ග බාධකයේදි අණ නොතකා ධාවනය කල වෑන් රථයකට හමුදාවෙන් වෙඩි

1337 Views


හමුදා මාර්ග බාධකයේදි අණ නොතකා ධාවනය කල වෑන් රථයකට හමුදාවෙන් වෙඩි

වාද්දුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා මාර්ග බාධකයේදි අණ නොතකා ධාවනය වු වෑන් රථයකට එහි රාජකාරියේ යෙදි සිටි භට පිරිස් විසින් වෙඩි තබා තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කරනවා.කොල්ලකන ලද වෑන් රථයක් සම්බන්ධයෙන් පොලිසියෙන් ලද තොරතුරක් අනුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදි සිටි හමුදා නිලධාරින්ට් එම වෑන් රථය නවත්වන ලෙස අණකර ඇති අතර එම අවස්ථාවේදි වෑන් රථය අධික වේගයෙන් එම ස්ථානයේ රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකුද අනතුරට ලක් කොට පළා යාමේදි මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කලේ.

මංකොල්ලකන ලද වෑන් රථයේ සවිකර තිබු GPS උපකරණයේ දත්ත උපයෝගි කර ගනිමින් එහි හිමිකරු වෑන් රථය ගමන් ගන්නා මාර්ගය පිළිබදව පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් වාද්දුව නගරයේ පිහිටි යුධ හමුදා මාර්ග බාධකයේ නිලධාරින්ට වෑන් රථය පිළිබදව දැනුවත් කර ඇති අතර ඒ අනුවයි හමුදා මාර්ග බාධකයේදි වෑන් රථය නැවැත්විමට අණ කරන අවස්ථාවේදි එහි සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙක්වද අනතුරට ලක් කරමින් පළා ගොස් තිබුණු අතර යුධ හමුදා සෙබළුන්ගේ වෙඩි ප්‍රහාර මධ්‍යයේ පළා ගිය වෑන් රථය පසුපස හමුදා සෙබළුන් හඹා ගොස් ඇති අතර පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වලාන දුෂණ මර්ධන ඒකකයේ පොලිසියේ කණ්ඩායමක් සමග එක්ව හමුදා සෙබළුන් මංකොල්ලකන ලද වෑන් රථය සිය භාරයට ගැනිමට සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post