News Line| Off Air
Generic placeholder image

Jul
30

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

7012 Views


ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.වසර දෙකක් පුරා පැවැත්වෙන එම තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් ආරම්භ වන අතර ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියට තරගාවලි 27 ක් ඇතුළත් වෙනවා.

එහිදි පැවැත්වෙන තරග සංඛ්‍යාව 72 ක්. ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ශී‍්‍ර ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අපි‍්‍රකාව යන කණ්ඩායම් ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියට එක් වන කණ්ඩායම් වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරගාවලි 3 බැගින් සිය රටේ දී සහ ප‍්‍රතිවාදී කණ්ඩායමේ මව් රටේදී කි‍්‍රඩා කිරීමට නියමිතයි. ප‍්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි.

ඒ අනුව මෙම තරගාවලියට අදාළව ශී‍්‍ර ලංකාව ලබන මසදී නවසීලන්තය සමග ටෙස්ට් තරග දෙකකට ශී‍්‍ර ලංකාවේදී සහභාගි වනවා.


News Articles
Latest Videos
Most Popular Post