මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්මේතුන්තුව සදහන් කලේ.
මෙවර අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් හත්දහස් හත්සිය හතර දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,678 කදී විභාගයට පෙනී සිටීමට නියමිත අතර ලබන 4 වැනිදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් නව දහස් තුන්සිය හැට නව දෙනෙකු මෙවර පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,995 කදී විභාගය පැවැත්වෙන අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති හෙට (31) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් පැවැත්වීම තහනම් වෙයි.
ඒ අනුව විභාග අපේක්‍ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය සහ ඒවා බෙදා හැරීම තහනම් වනවා.