News Line| Off Air
Generic placeholder image

Jul
30

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

675 Views


මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා ඊයේ (29) සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. 1985 වසරේ දී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වූ ඒ මහතා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වනවා.

අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු ලෙස සේවය කර ඇති ධර්මපාල මහතා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක්.

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේවය කර ඇති ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයක් ලෙස ද සේවය කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය හා එම විශ්ව විද්‍යාලයෙන් ම ශ්‍රාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගත් ඒ මහතා වසර 34ක රාජ්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post