News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුව යළි කල් යයි

422 Views


තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුව යළි කල් යයි

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 23 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

නඩුවට අදාළ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමන්ට ලබාදී නොමැති බව විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර එම ලේඛන සතියක් ඇතුළත ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව එහිදී එකඟතාව පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post