News Line| Off Air
Generic placeholder image

Jul
30

ආණ්ඩුව දින 7ක් තුළ ගෙදර යා යුතුයි – රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක්

1359 Views


ආණ්ඩුව දින 7ක් තුළ ගෙදර යා යුතුයි –  රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක්

රිෂාඩ් බද්යුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබාදීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා රතන හිමියන් විසින් කැදවා තිබුණු මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මෙලෙස අදහස් පලකර සිටියා.

“රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලියට උදව් කිරීම සම්බන්ධව අපි සාක්ෂි රාශියක් ලබා දී තිබෙනවා. ඒ පරීක්ෂණ මෛත්‍රි – රනිල් ආණ්ඩුව මාසයකින් ඉවර කරලා ඔහුට අද ඇමතිකම දීලා තිබෙනවා. ඔවුන් මේ පහරදුන්නේ මේ රටේ හෘද සාක්ෂියට. ඔවුන් මේ පහරදුන්නේ මේ රටේ ජනතාවට, ඔවුන් මේ පහර දුන්නේ ඔවුන් බලයට පත්කරපු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට. ඒ නිසා තීන්දුව ගන්නේ මහ ජනතාව සමග. දැන් සටනක් තිබෙනවා මොකක්ද මේ සටන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ බලලෝභී දේශපාලනයට ඉඩ දෙනවද? මේ රට රැක ගැනීම සඳහා එක හඬින් එක බලයක් වෙලා නැගී සිටිනවාද? කියලා. මේ ආණ්ඩුව දින 7ක් තුළ වහාම ගෙද යන්න ඕන. ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ජනතාවට අපි ආරාධනා කරනවා මෙයත් සමග එකතුවෙන්න කියලා.”


News Articles
Latest Videos
Most Popular Post