අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් සුවහසක් පේ‍්‍රක්ෂක ශ‍්‍රාවක හදවත් දිනා ගත් සියත මාධ්‍ය ජාලයට ප‍්‍රහාරයක් එල්ල වී අදට වසර 09 ක් සපිරෙනවා.
එම ප‍්‍රහාරයෙන් අප මාධ්‍ය ජාලය සතු සියලූ තාක්ෂණික මෙවලම් විනාශ වී ගිය ද, වර්තමානය වනවිට සියත එෆ් එම්, සියත ටී වී ප‍්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මෙරට ප‍්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් බවට පත්ව අවසන්.
2010 වසරේ ජූලි 30 වනදා අලූයම 1.30 ට පමණ මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් කොළඹ හුණුපිටියේ පිහිටි සියත මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන මැදිරි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුලූ වී ප‍්‍රහාරයක් එල්ල කර ගිනි තබා විනාශ කලා.
එම ප‍්‍රහාරයෙන් සියත ප‍්‍රවෘත්ති අංශයේ සේවය කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලැබුවා.
එම ප‍්‍රහාරය එල්ල වී දින කිහිපයකට පසුව පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී සියත ප‍්‍රහාරය සම්භන්ධයෙන් වාද විවාද ඇති වුණා.
සියත ප‍්‍රහාරයට වසර නවයක් ගත වුවද ඊට සම්බන්ධ වුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
එහෙත් ඉන් නොසැලූනු අප මාධ්‍ය ආයතනය මෙරට සාර්ථක මාධ්‍ය ආයතනයක් ලෙස ස්ථාවරයක් ගොඩ නගාගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ශනයක් දිනා ගෙන ඇත්තේ ද සියත ගුවන් විදුලියයි. හරවත් මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් සියත එෆ් එම් සියත ටී වී ප‍්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂීයා මාධ්‍ය ජාලය මෙම වසර 9 පුරා ඉටු කළ කාර්ය භාර්ය අතිමහත්.
කෙසේවෙතත් තවදුරටත් අපගේ මාධ්‍ය කාර්ය භාර්ය නොපිරිහෙලා ඔබ වෙනුවෙන් ඉටු කරන්නේ අපගේ හදවත බදු වූ ශ‍්‍රාවක පේ‍්‍රක්ෂක ඔබගේ නොමද ශක්තිය මතයි.