News Line| Off Air
Generic placeholder image

Jul
30

හෙට අනිද්දා දේශපාලන පිල් මාරු කිරීම් කිහිපයක් වෙන ලකුණු ?

1047 Views


හෙට අනිද්දා දේශපාලන පිල් මාරු කිරීම් කිහිපයක් වෙන ලකුණු ?

දේශපාලන පක්ෂ කිහිපයකම ජනපති අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු මාසයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.ඒ යටතේ පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා එළඹෙන 11 වෙනිදාත් ජ.වි.පෙ ජනපති අපේක්ෂකයා එළඹෙන 18 වෙනිදාත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයෙකුගේ නමක් ප්‍රකාශයට පත් කරන දිනයක් තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. මෙම දේශපාලන තත්වයන් යටතේ ඉදිරියේදී ප්‍රභල දේශපාලන මුහුණු කිහිපයක්ම පිල් මාරු කිරීමේ සූදානමක් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.ඒ යටතේ ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රභලයන් කිහිප දෙනෙකුම පොහොට්ටුව හා එක් වීමට නියමිත බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post