News Line| Off Air
Generic placeholder image

Jul
30

ටෙස්ට් ලෝක ශූරතාවයේ අඩුම තරග සංඛ්‍යාව ශ්‍රී ලංකාවට

3905 Views


ටෙස්ට් ලෝක ශූරතාවයේ අඩුම තරග සංඛ්‍යාව ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් ලෝක ශූරතාවලිය රටවල් නවයක, තරගාවලි 27ක් යටතේ පැවැත්වෙන තරග 72කින් යුත් තරගාවලියක් ලෙස 2021 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වීමට නියමිතයි.මෙහි අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.

තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 1දා එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී ආරම්භ වන ‘අළු බඳුන’ තරගාවලිය සමගිනුයි.මෙම තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී ඇත. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනුයි. ඊට අමතරව ද. අප්‍රිකාවට 16ක් හා බ.ඉ. කොදෙව් සඳහා 15ක් බැගින් හිමි වී ඇති අතර නවසීලන්තයට හා බංග්ලාදේශයට තරග 14ක් බැගින් හිමි වී තිබෙනවා. තරගාවලියේ අවම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හා පකිස්තානයට හිමිවී ඇති අතර එය ගණනින් 13 ක්.


News Articles
Latest Videos
Most Popular Post