News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති කියයි

1477 Views


රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති කියයි

රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිය දේශපාලන ප්‍රතිපත්තිය එය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ලංකා බැංකුවට වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

මූල්‍යමය සේවා රැසක් ජනතාව වෙත සපයන ලංකා බැංකුව සිය 80වන සංවත්සරය සමරන්නේ “ නව්‍යකරණයෙන් ඉදිරියට” යන තේමාව යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post