මූල්‍ය සැපයුම් ආයතනයක දත්ත පද්ධතියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 106 ක පිරිසකගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබෙනවා.
කැපිටල් වන් නමැති අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක දත්ත පද්ධතියට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාවේ පුද්ගලයින් මිලියන සියයකගේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 6 කගේ නම්, ලිපිනයන්, දුරකතන අංක ඇතුළු පෞද්ගලික තොරතුරු සොරකම් කර ඇති බව අදාල ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
සයිබර් ප්‍රහාරය සිදුකළ පුද්ගලයා ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ අදාල ආයතනය මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.