ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ(30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සදහන් කලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ සිටින කිසිදු පුහුණුකරුවෙකු සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව එළඹෙන ටෙස්ට් තරගාවලියට මෙම පුහුණුකරුවන් කණ්ඩායම එක් නොවන බව සඳහන් කර සිටි අමාත්‍යවරයා, නික්ලි යන පුහුණුකරු හැරණ විට අනෙක් සියලු දෙනා වෙනස් කර ඇති බව ද වැඩි දුරටත් සදහන් කළා.