ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවන එක්දින තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්න මුලින් පන්දුවට පහර දීමට තීරණය කල අතර අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුව තිබෙනවා. පෙර තරගය ක්‍රීඩා කල තිරිමාන්න,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප් සහ ධනංජය සිල්වා අද තරගයෙන් විවේක ගන්වා ඇති අතර ඒ වෙනුවට දසුන් ශානක,වනිදු හසරංග, ෂෙහාන් ජයසූරිය සහ කසුන් රාජිතව කණ්ඩායමට කැදවා තිබෙනවා.