රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 06.00 ට පෙර එම පරිශ්‍රයෙන් සිසුන්ට ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී ඇති අතර නේවාසිකාගාරය තුළ සිදුවූ නවක සිද්ධියක් හේතුවෙන් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති විද්‍යා පීඨයයි මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ.