ගාස්තු රහිත සංචාරක විසා මසක කාලයක් වලංගු යි.
ඇමරිකාව, බි‍්‍රතාන්,ය ස්පාඤ්ඤය, ස්විඩනය, ස්විසලන්තය ඇතුලූ රටවල් 48 ක් සදහා මෙම ගාස්තු රහිත විසා ලබාදීමට නියමිතයි.
www.eta.govenment.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් විසා අයදුම් කළ හැකි අතර ඉන් කෙටි කාලයක් මෙරට රැදි සිටිම සඳහා විසා අවසරය ලබා ගත හැකියි.
මෙරට ගමන් මාර්ගෝපදේශකයෙක් මඟින් වීසා ලබා ගැනිමට අදහස් කරන්නේ නම් ඒ සඳහා පහසුකම් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා.
විසා නොමැතිව ගුවන් තොටුපළට පැමිණෙන විදේශිකයන්ට ගුවන්තොටුපළේ පැය 24 පුරා ක‍්‍රියාත්මක වන විශේෂ කවුළුවක් තුළින් මෙම විසා ලබා ගත හැකියි.