News Line| Off Air
Generic placeholder image

Jul
31

සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස CID යෙන් අධිකරණයට ඉල්ලීමක්

619 Views


සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස CID යෙන්  අධිකරණයට ඉල්ලීමක්

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගනු ලැබූ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අද (31) ඉල්ලා තිබෙනවා.

මෙම දියණිය මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින බව මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙමින් පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබන 21 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියම කළා.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා වන මොහොමඩ් සහරාන් සහ ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ සහ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් බව කියන වේටර්වරයකු වන විහග තේජාන්ත නමැත්තන්ගේ මරණ පරීක්ෂණ වාර්තා එවන ලෙස රජයේ අධිකරණ වෛද්‍යවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මරණ පරීක්ෂණ වාර්තා එවන ලෙස රජයේ අධිකරණ වෛදයවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබාගෙන ළමා සහ යෞවන ආඥාපනත අනුව සූදූසු නියෝගයක් ලබන 21 වැනිදා කරන බව දැනුම් දුන් අතර මෙම නඩුව යළි අගෝස්තු මස 21 වෙනිදා කැඳවීමට නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වලදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කල රහස් පොලිසිය මේ සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලැබු මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා, කාදියාල අබ්දුල් හමීඩ්, මොහොමඩ් රිකාස්ල මොහොම්මදූ මර්ෂූක්, මොහොමඩ් රිලාල, මොහොමඩ් අසරූඩීන්, මොහොමඩ් ඉල්මිල, මොහොමඩ් අමීර්, මොහොමඩ් අයතුල්ලා සහ මොහොමඩ් මූබාරක් මොහොමඩ් අයතුල්ලා නමැත්තන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරන බව මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post