News Line| Off Air
Generic placeholder image

Aug
1

මාස 44කට පසු සිංහයින්ට පූර්ණ තරගාවලි ජයක්

582 Views


මාස 44කට පසු සිංහයින්ට  පූර්ණ තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 122කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මාස 44කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ අනුව ඊයේ සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණ අතර කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 87ක්. පිතිකරණයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 172ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් ලකුණු 69ක් රැස් කළා. පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post