හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.
ඒ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වසන් කිරිමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (01) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීම හේතුවෙන්.ඒ අනුව අද පෙරවරු 09.30ට පමණ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් මහාධිකරණයට පැමිණි බව වාර්තා වෙනවා.