News Line| Off Air
Generic placeholder image

Aug
1

කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

1936 Views


කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඉරිදා සහ පොහොය දිනවල පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් පාර්ශ්වයක් ලෙසට පෙත්සමක් ගොනු කල බව වාර්තා වෙනවා.

ඒ අනුව දහම් අධ්‍යාපනයට බාධා වන ආකාරයට පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කරන අපහාසයක් බව කාදිනල් හිමියන් පවසන අතර පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවද කාදිනල් හිමියන් වැඩිදුරටත් වැඩි දුරටත් සදහන් කරනවා.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පුද්ගලික උපකාරක පන්ති පවත්වන සුදත් ඩියගුආරච්චි නැමැත්තා ඇතුළු කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබෙන අතර ඔවුන් සදහන් කරන්නේ පාසල්වල විධිමත් අධ්‍යාපනයක් නොමැති අවස්ථාවකදී පුද්ගලික පන්ති තහනම් කිරීම නුසුදුසු බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post