මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් 7000 කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහනුවර පොලිස් ස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළා.
මේ අතර, ඇසළ මහා පෙරහර නිමිත්තෙන් 5 වනදා සිට ලබන 15 වනදා දක්වා ප්‍රදේශයේ සුරාසැල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ අනුව, මහනුවර, කඩවත්සතර, හා ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, පේරාදෙණිය, කටුගස්තොට, අලදෙනිය සහ අඹතැන්න යන ප්‍රදේශවල සියලූම සුරාසැල් වසා තබන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
මීට අමතරව, මඩවල, මැණික්හින්න, දිගන සහ තලාතුඔය ප්‍රදේශවල සියලූම සුරාසැල් ද වසා තැබිය යුතු බව සදහන්.