News Line| Off Air
Generic placeholder image

Aug
1

මරණ දඩුවමට එරෙහි වන්නේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට එරෙහි පිරිස් – ජනපති කියයි

557 Views


මරණ දඩුවමට එරෙහි වන්නේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට එරෙහි පිරිස් – ජනපති කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට විරුද්ධව පාරට බැස ඇති සියළු පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, බරපතළ අපරාධ සියල්ල පිටුපස තිබෙන්නේ මත්ද්‍රව්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේ මතු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (01) පෙරවරුවේ බණ්ඩාරවෙල නගරශාලා ශ්‍රවණාගාරයේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමින් ජනධිපතිවරයා මෙම අදහස් පල කළා.


News Articles
Latest Videos
Most Popular Post