News Line| Off Air
Generic placeholder image

Aug
1

සබීතා පෙරේරා ජනපති කොමිසම හමුවට

1171 Views


සබීතා පෙරේරා ජනපති කොමිසම හමුවට

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සදහා රංගන ශිල්පිනී සබීතා පෙරේරා 2015/2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද පස්වරුවේ පැමිණියා.

අද පෙරවරුවේ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව සිටි ඇය, තමාට ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබූ අතර, ඒ අනුව ලබන සදුදා එහි පැමිණෙන ලෙස කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, යළි පස්වරු 3.30 ට පමණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා ජනාධිපති කොමිසම හමුවට පැමිණි බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post