News Line| Off Air
Generic placeholder image

Aug
1

සබරගමුව විශ්වවිද්‍යාලය අනවසරයෙන් වීඩියෝ කළ තරුණයෙකු අත්අඩංගුවට

1092 Views


සබරගමුව විශ්වවිද්‍යාලය අනවසරයෙන් වීඩියෝ කළ තරුණයෙකු අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරයෙන් වීඩියෝ කළ තරුණයෙකු මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම ඔහුත් සමග අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලැබූ සිසුවෙකු රුපියල් 5000 ක ශරීර ඇප මත මුදා හරින ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු තරුණයා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඊයේ දින මෙම තරුණයා විශ්වවිද්‍යාලයට පැමිණ එම පරිශ්‍රය අනවසරයෙන් වීඩියෝ කර ඇති අතර, එහිදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post