News Line| Off Air
Generic placeholder image

Aug
1

හතුරුසිංහ ගැන අවසන් තීරණය තව දින දෙකකින්

1009 Views


හතුරුසිංහ ගැන අවසන් තීරණය තව දින දෙකකින්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින 02 තුළ ප‍්‍රකාශයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප‍්‍රධාන විධායක නිළධාරී ඈශ්ලි ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ තමන් කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වීමට අපේක්ෂා කරන බවයි.

එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව මූලික වටයෙන් ඉවත් වීමත් සමග කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලයට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා දැනුම් දීමක් සිදු කර ඇත්තේ බංගලාදේශ තරගාවලියෙන් අනතුරුව ඉල්ලා අස්වන ලෙසයි.

පසුව පැවති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමේ කණ්ඩායමේ පුහුණූකරුවන්ගේ් කොන්ත‍්‍රාත් කාලය යළී දීර්ඝ නොකිරීමටද තීරණය කළා.

එහෙත් කණ්ඩායමේ පධාන පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට ඇත්තේ මේ වසර අගදීයි.

චන්දික හතුරුසිංහ මහතා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එකගතාවයක් මත තීරණයක් ගන්නා ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රධාන විධායක නිළධාරීවරයාට දැනුම් දුන්නා.

හතුරුසිංහ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකාර ධුරයේ රාජකාරී ආරම්භ කළේ 2018 වසරේ ජනවාරි මාසයේදී.

ඔහුගේ පුහුණුකාරීවය යටතේ ශ‍්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 32 ක් ක‍්‍රීඩාකර ඇති අතර ඉන් ජයග‍්‍රහණය කර ඇත්තේ තරග 10 ක් පමණයි.

ලෝක එක්දින ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් 08 වන ස්ථානයේ රැඳී සිටීමට ශ‍්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

ශ‍්‍රී ලංකාව ලබා සිටින ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 79 ක්.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ හයවන ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම් වල බංගලාදේශය 07 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප‍්‍රසාද ලකුණු 90 ක් ලබා ගනිමින්.

පාකිස්තානය 06 වන ස්ථානයේ රැඳී සිටින අතර දකුණු අප‍්‍රිකාවට හිමිව ඇත්තේ පස්වන ස්ථානයයි.

ප‍්‍රසාද ලකුණු 112 ක් ලබා ගනිමින් ඔස්ටේ‍්‍රලියාව සිව්වන ස්ථානය හිමිකර ගෙන සිටිනවා.

පිළිවෙලින් පලමු දෙවන හා තුන්වන ස්ථාන වල රැඳී සිටින්නේ එංගලන්තය, ඉන්දියාව හා නවසීලන්තයයි.


News Articles
Latest Videos
Most Popular Post