News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන අඟහරුවාදා යළි රැස්වෙයි

742 Views


පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන අඟහරුවාදා යළි රැස්වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන අඟහරුවාදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද එදිනට කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙස තේරීම් කමිටුව ඊයේ ප්‍රකාශ කළ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාරද කැඳවා තිබෙනවා.

මීට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද එදිනට කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post