කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා.
කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයට බංග්ලාදේශ තරග සංචාරයෙන් පසු ඉවත් වන ලෙසට තමන් කි‍්‍රකට් ආයතනයට ලිඛිතව දැන්වූ බව කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
ඔහුගේ එම තීරණයට කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වූ අතර අද පැවැත්වෙන සාකච්ඡාවෙදි ඒ පිළිබද වැඩි අවධානයක් යොමුවනු ඇති. මේ අතර කි‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඉන්දියාවේ නාග්පූර්හීදි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහාර් ඊයේ හමුවී තිබෙනවා.
ඉදිරියේදී සිදු කිරීමට යෝජිත කි‍්‍රකට් පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් පිළිබදව කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා දැනුවත් කළ බව සදහන්.
එමෙන්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිපියක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයාට මෙහිදී භාරදී තිබෙනවා.
මේ පිළිබද ට්විටර් සටහනක් තබමින් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා ඇත්තේ කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයේ සිදු කිරීමට යෝජිත වෙනස්කම් පිළිබද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහාර්ට මෙරට සංචාරයකට එක්වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආරාධනා කර ඇති බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් දක්වා තිබෙනවා.