News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ශ්‍රී ලංකාවේ රත්‍රං ගවේෂණයට විදේශ ආයෝජනයන්හි අවධානය

633 Views


ශ්‍රී ලංකාවේ රත්‍රං ගවේෂණයට විදේශ ආයෝජනයන්හි අවධානය

ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශ ආයෝජනයන්හි අවධානය යොමුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා කියාසිටියේ, උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසුව එම ප්‍රදේශ මායිම් ගම්මානවල ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ආයෝජන මණ්ඩලය හරහා මේ වනවිට විදේශ ආයෝජන ලැබෙනමින් පවතින බවයි.

ඒ අනුව රත්‍රං ගවේෂණය සඳහා සේරුවිල, මතුගම, පැලවත්ත යනාදී ප්‍රදේශ සඳහා විදේශීය ආයෝජනය ඇතුළුව ගවේෂණ බලපත්‍ර සඳහා මේ වනවිට ඉල්ලුම් පත්‍ර ලැබෙමින් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව තුළ රත්‍රං කැණීම සඳහා රජය මගින් නීත්‍යනුකූල බලපත්‍ර ලබාදීම බ්‍රිතාන්‍ය යුගයේ සිට සිදුකර ඇති අතර 1990 වර්ෂයේදී පමණ ඇඹිලිපිටිය ආසන්න කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ සහ 2012 වර්ෂයේදී කැලණි ගඟ ආශ්‍රිතව රත්‍රං කැණීම සඳහා බලපත්‍ර 200ක් පමණ ලබාදී ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post