News Line| Off Air
Generic placeholder image

Aug
2

මෝදර මාර්ග කිහිපයක අද රාත්‍රියේ සිට රථ වාහන ධාවනය සීමා කෙරේ

985 Views


මෝදර මාර්ග කිහිපයක අද රාත්‍රියේ සිට රථ වාහන ධාවනය සීමා කෙරේ

මෝදර – මුතුවැල්ල මාවත ශාන්ත ජේම්ස් හන්දියේ සිට ඩිලාසල් හන්දිය දක්වා වූ මාර්ගයේ අද (02) රාත්‍රී 10.00 සිට ලබන 5 වන දා අලූයම 5.00 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.

ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ලබන 9 වන දා රාත්‍රී 10.00 සිට 12 වන දා අලූයම 5.00 දක්වා සහ 16 වැනිදා රාත්‍රී 10.00 සිට 19 වන දා අලූයම 5.00 දක්වා ද එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව සදහන්.

මේ අතර, ලබන 2 වැනිදා රාත්‍රී 10.00 සිට 5 වැනිදා අලූයම 5.00 දක්වා සහ 9 වැනිදා රාත්‍රී 10.0 සිට 12 වැනිදා අලූයම 5.00 දක්වා මෝදර වීදිය – මාදම්පිටිය හන්දියේ සිට රජමල්වත්ත පාර හන්දිය දක්වා වූ මාර්ගය ද ජල නළ එළීම හේතුවෙන් රථ වාහන ධාවනය සීමා කෙරෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post