News Line| Off Air
Generic placeholder image

Aug
2

කථා දෙකක් නෑ, මම වැඩේට බැහැලා ඉන්නේ – සජිත් කියයි

907 Views


කථා දෙකක් නෑ, මම වැඩේට බැහැලා ඉන්නේ – සජිත් කියයි

තමන් රට ගොඩනගන වැඩපිළිවෙළට අවතීර්ණ වී ඇති බව ඊයේ (01දා) හම්බන්තොට පැවැති වැඩසටනකදී ජනතාව අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

එහිදී එතුමා මෙලෙස අදහස් පළ කළා.

“වෙන කථා දෙකක් නෑ. මම වැඩේට බැහැලා ඉන්නේ. මොකක්ද මේ වැඩේ රට ගෙඩනගන වැඩසටහන, ජනතාව ශක්තිමත් කරන, ජීවත් කරවන, මාතෘ භූමිය ලොවම ජයග්‍රහණය කරන වැඩසටහන.

මගේ ප්‍රාර්ථනාව රටේ සෑම පවුලක්ම පුරවැසියෙක්ම ආර්ථික වශයෙන් ශක්තිමත් කරලා, ස්වශක්තියෙන් අභිමානවත් ජන ජීවිතයක් ගත කරන තමන්ගේ හයිය ගැම්ම තුළින් නැගී සිටින කාගේවත් වහලෙක් නොවන කාටවත් යටත් නොවන අභිමානවත් පුරවැසියන් ජීවත්වන අභිමානවත් මාතෘ භූමියක් බිහි කිරීමයි.

රටේ අනාගත වගකීම ශක්ති සම්පන්නව සජිත් ප්‍රේමදාස භාර ගන්නවා. අපේ ගමනට පොදු තේමාවක් තිබෙනවා. ඒ පොදු තේමාව තමයි අපි කියන කරන හැම ක්‍රියාවකින්ම ජනතාව ශක්තිමත් කිරීම.

තෘප්තිමත් ජනතාවක් සිටින රටක් තුළ ඉබේටම රට සංවර්ධනය වෙනවා. කර්මාන්ත බලගැන්වෙනවා. නිශ්පාදනය ඉදිරියට යනවා. අපි නිශ්පාදන ආර්ථිකයක් ඇතිකරන්න ඕන. නූතන යුගයේ දැවැන්තම විප්ලවය කර්මාන්ත පෙරළියයි.

ඒ කර්මාන්ත විප්ලවය ආරම්භ කරන්න සජිත් ප්‍රේමදාස සූදානම්. අපිට තිබෙන අභියේගය ප්‍රතිවාදී අපේක්ෂකයා නෙමෙයි. අපිට තිබන අභියෝගය දුප්පත්කම තුරන් කිරීම, විරැකියා ප්‍රශ්නයට විසඳුම් දීම, මධ්‍යම පංතියේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරම.

මැතිවරණය අභියෝගයක් නෙමෙයි. කිසිම කෙනෙක් භය වෙන්න එපා. කවුරු මොන අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි.”


News Articles
Latest Videos
Most Popular Post